JETHAVANARAMAVIHARAYA

අපගේ අරමුණ

බුදු රදුන් ආයුසංස්කාරයන් අතහැර අවුරුදු 2550 කට වැඩි කාලයක් ගත වුනත් ශ්‍රීසද්ධර්මය අපට අහිමි නොවී තිබීම අරුමයක් නොවේ. එයට හේතුව මාර්ගඵල ලාභීන් තවමත් අප අතර මේ පෘථිවිතලයෙහි වැඩම සිටිනා හෙයිනි. නමුත් බමුණු දහම් වලින් කිළිටි වුනු පිරිසිදු බුදු බණ කුමක් දැයි බොහෝ කෙනෙකුට ප්‍රශ්නයක් වී ඇත. උගත් ධර්මය සහ සමාධි ඥානයෙන් ලැබෙන දැණුම අතර සැලකිය යුතු ප්‍රශ්න මතුවී ඇත. මේවා බුදුන් වදාළ දහම තුලින් ම නිරාකරණය කළ හැකි දේවල් යැයි අපි විශ්වාස කරමු.

Aramaya

උගත් ධර්මය තුලින් ලබාගන්නා දැනුම ප්‍රත්‍යක්ෂ ඥානයක් වේද? වෙනස් වෙනසුලු වේද? තමාට ප්‍රායෝගිකව ප්‍රත්‍යක්‍ෂ වේද? ධ්‍යාන  සමාධියකින් ලබාගන්න දැනුම නම් ධ්‍යාන ලාභීන්ට ප්‍රත්‍යයවේ.. පිරිසිදුවේ.. ප්‍රයෝගීයවේ..  ප්‍රඥාවන්තයින්ට පමණක් ගෝචරලෙස  පිරිසිඳ දැක ගත හැකිය.

අද දින අත්තනෝමත සහ ආචාර්යවාද මැද – අර්ථ, නිරුක්ති, පටිභාන සහිතව ධර්මයට විනයට ගලපා නිවන් මග පහදා විදහා දැක්වීම ඉතාම කාලෝචිතයි. භක්තියෙන් ශ්‍රද්ධාවෙන් පරිපූර්ණ බෞද්ධයා ප්‍රඥාවන්තයෙක්  කරවීමට  උවැසි දේශනා ශෛලියෙන් ඇති කල්‍යාන මිත්‍ර සම්පත්තියක් අප අතරේම පහල වීම අපගේම වාසනාවකි. එම දේශනා මාලාවන් සමාජ ගත කර දහම් පිපාසාවෙන් ඉන්නා සියලු දෙව් මිනිස් ප්‍රජාවන් සුවපත් කිරීම අපගේ මූලික  අරමුණයි.

ජීවිත පරදුවට තබා ආර්ය මහා සංඝරත්නය විසින් ආරක්ෂා කරගෙන ආ ග්‍රන්ථාරූඪ ත්‍රිපිටක පොත් වහන්සේ අද බෞද්ධ බැතිමතුන් තුල පුජනීය වස්තුවක් පමණි. අවසන් වරටත් බුද්ධ වචනය වැළලීයාමට පෙර නැවත වරක් ත්‍රිපිටක, අටුවාවන් වත් ගිහි පැවිද්දන් කාගේත් පරිශීලනයට පත්කිරීමට වෙහෙසීම අපගේ තවත් අරමුණකි.

Aramaya

බෞද්ධ බැතිමතුන් අද අප රටේ දානමාන පිංකම් කිරීමට බොහෝ ලෙස හිත් යොමා ඇත. බුද්ධසාසනය මෙයින් උන්නතියට ගෙන ඒම සැමගේ බලාපොරොත්තුවයි. අපගේ වෑයම මෙවන් පුණ්‍ය භූමියක බුද්ධශාසනයට වඩා බුද්ධ අනුශාසනය ප්‍රචලිත කිරීමයි.

කුල, නිකායන්, තනතුරු, වයස්, වර්ග, නාමික, භේද වලින් තොරව කෙරෙන අපගේ ධර්ම ප්‍රචාරයන් තුලින් පුර්ණ වශයෙන් මමත්වය කෙරෙන් සිදුවෙන පාපකර්ම දුරලන්නට ලැබේ යයි වගබලාගන්නට අප ඉටාගතිමු.

නිර්වාණගාමී පටිපදාවේ ගමන් කරන ඔබට ඇතිවන ධර්ම ගැටළු නිරාකරණය කිරීමේදී ඉහත සඳහන් කුමන කුලකයක් වත් බාධාවක් විය යුතු නැත. සංසාර භයෙන් හා දුකින් මිදීමට අවැසි බුදුන් වදාළ ධර්මය උන්වහන්සේ විසින්ම ඔබට උරුමකළ දායාදයකි. එය සොයන අයට ලඟා කරදීම අපේ කර්තව්‍යයි.. විද්‍යා-විමුක්තිය සඳහා ඔබට ඇති එකම පිළිසරණ බුදුන් වදාළ මෙම ධර්මය පමණි. ගුරුවරයා වත් ඔබ සසරේ ගෙනයන්නේ නැත.

එකම පිළිසරණ ධර්මයයි ඔබයි පමණි.

ධර්මයයි ඔබයි

 

ඔබගේ අදහස් අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට උපකාරී වේ. මෙම පිටුව සඳහා ඔබගේ

අදහස් සහ යෝජනා යොමු කරන්න