මේ මහා භද්‍ර කල්පයේ අපගේ පිනට පහල වූ තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ ඒකායන අරමුණ වූයේ හුදී ජනයාහට නිවන් මග පසක් කරලීමයි. බුද්ධෝත්පාද කාලයත්, මිනිසත් බවත්, කල්‍යාණ මිත්‍ර සම්පත්තියත්, පූර්ණ වීමම අති දුර්ලභ අවස්ථාවකි. එමෙන්ම නිවන් මග පහදා දෙන, නිවන් මගට යොමු කරවන පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා පහල වීමද අපගේ පූර්ව වාසනාවකි. ඒ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කරන්නට යෙදුන ත්‍රිලක්ෂණය, භව රෝගයට දිව්‍යමය ඔසුවකි. එවන් ශ්‍රී සද්ධර්මයේ අරුත් කාලයේ වැලිතලාවෙන් වැසී යාමට නොදී නැවත ලෝකයට විවරකර දීමට ගත් වෑයමක ප්‍රතිඵලයක් ලෙස මෙම වෙබ් අඩවිය ඔබ වෙතට පත්වේ. උත්තරීතර වූ නිවන කරා යන සැදැහැවත් බෞද්ධයින්ගේ ධර්මාවබෝධය සදහාම දේශිත ශ්‍රී සද්ධර්මය මෙම වෙබ් අඩවිය තුල සාරවත් ලෙස අඩංගුව ඇත.
එවන් වූ දහම් සාරය පදවැල් වශයෙන් කටපාඩම් කිරීම නොව, ප්‍රඥාවෙන් විමසා බලා ක්‍රියාවට නැංවීම තුලින් ආර්ය මාර්ගය පූර්ණය කර නිවන අවබෝධ කරගැනීමට අදිටන් කර ගනිමු.
2021 නව වසර සඳහා ගැහැණු දරුවන් බඳවා ගැනීම
21 දෙසැම්බර්, 2020
සිව්මග ධර්මායතනයේ නිවේදනයයි.2021 නව වසර සඳහා ගැහැණු දරුවන් බඳවා ගැනීම.මෙතෙක් කලක් පිරිමි දරුවන් සඳහා පමණක්...සර්වරාත්‍රික පරිත්‍රාණ සද්ධර්ම දේශනාව සහ කඨින පිංකම
26 නොවැම්බර්, 2020
සැදැහැත්තෝ පින් සිතින් පේ වෙත්වා !
23 නොවැම්බර්, 2020
ඔබගේ අදහස් අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට උපකාරී වේ. මෙම පිටුව සඳහා ඔබගේ