JETHAVANARAMAVIHARAYA

උදාන වැකි

උදාන වැකිය

Shashikala Fernando - 6 - BBS009

මැයි, 2017

සාරිපුත්ත මහ රහත් උතුමෙනි…..
පෙර දවසක ඔබ වැඩිය මගේ
දෙපයෙ දැවටි දුහුවිල්ල වගේ
ණුවනක අංශුව මට වූවා නම්
අදත් සසරෙ සැරි සරනු නැතේ…!

මහා ප්‍රඥා කඳ වුවත් ඔබේ
නිරහංකාර වූ සිතේ බලේ
පා පිස්නයකට සමාන කල හැටි
අපමණ ශ්‍රද්ධා ගෙනේ හදේ….!

බුදු හිමිගේ හිරු එළිය අරන්
අවිදු අදුර සුනු විසුනු කරන්
දෙව් මනු ලෝ ආලෝකයට රැගෙන ආ
රශ්මි කිරණ බල නුවණ ඔබෙයි…!

සසර කතර දුක් විදින අපේ
මිදුමට දහමින් මගක් ඇතේ
ඒ මග යහමින් එළි කර දුන්
ඔබේ දෙපා වදිමි.. එය නිවන වෙතේ.!!!


අදහස්

 

ඔබගේ අදහස් අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට උපකාරී වේ. මෙම පිටුව සඳහා ඔබගේ

අදහස් සහ යෝජනා යොමු කරන්න