මැයි, 2017
මිහිකත අම්මා මහ දුක් ගිණි ඉවසනවා
උහුලනු බැරිව මහ පොළව ද දෙදරනවා
ඇයි මිනිසුනේ නොදැනු නෙ කම්පා වෙනවා
හඩ ගා කියනු නොහැකිව ඇය වැලපෙනවා
ගිනිකඳු පුපුරා මහ ගින්නෙන් පිච්චෙනවා
පස් කදු නාය ගොස් සැමදෙන වැනසෙනවා
ගංගා, සයුරු ගොඩගලා සැමදේ යටවෙනවා
නුඹෙ දේ නුඹට සොබදහමෙන් ගෙනඑනවා
රටකට රටක් එරෙහිව යුධ වැදගන්නේ
ජාතියකට ජාතියක් උරනව කඩුගන්නේ
පවුලෙම කෙනෙක් හා වෛරව ඇනගන්නේ
මොනවද නුඹලා මරණින් පසු ගෙනයන්නේ
බුදුහිමි දිවා රෑ වෙහෙසිව නිවන සොයා
බුදු බණ දෙසූයේ සැම ගැලවුමට සිතා
එහි ඇති අමිල බව තේරුම් නොගෙන මෙදා
ඇයි අමු නිරයෙ යන්නේ පණ පිටින් සදා!
ඔබගේ අදහස් අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට උපකාරී වේ. මෙම පිටුව සඳහා ඔබගේ