JETHAVANARAMAVIHARAYA

උදාන වැකි

උදාන වැකිය

Shashikala Fernando - BBS 015

මැයි, 2017

දුක්විඳ වෙහෙස වී ගේ දොර හදති
බඩට නොකා හිද ගොඩමඩ ගනිති
දරුවො හදා සැමදෙන ගුලිකර ගනිති
මරණ ඇදේ නම් තනියට කිසිත් නැති..!
දුහුවිලි ඔටුනු ගැලවී ඇස් නොපෙනි යති
කතා කලත් කටහඩ පිටකට නොයති
අතපය සොලනු බැරි වී ගල් ගැසී. යති
සිත සමගින් හුස්ම පොදක් රැදෙනු ඇති
කල පින් මතක් වූවොත් නම් සුගති යති
රාග ද්වේෂ ඇති වූවොත් අපා යති
සැමදේ අසාරයි සිතුවොත් නිවන් යති
මරණ සිතක් කා හට නම් කියනු හැකි.?
භාවනාව යානාවක් කර ගත්තොත්…
දහමට සිතතියා සිතුවිලි පුරුදු කලොත්
සසරෙහි ඇති දුක බිය ගැන සිතුවොත්
නිවනට සිත තියා මරණය මැරිය හැකියි…!!!


අදහස්

 

ඔබගේ අදහස් අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට උපකාරී වේ. මෙම පිටුව සඳහා ඔබගේ

අදහස් සහ යෝජනා යොමු කරන්න