JETHAVANARAMAVIHARAYA

උදාන වැකි

උදාන වැකිය

Shashikala Fernando - 4 - BBS 010

මැයි, 2017

තිරිසන් සතෙකු වී ඉපදුනෙ උගෙ පවට
උන් සැම ගෙවයි කල කම් ඵල දී යසට
මිනිසකු වුනේ ඔබ පෙර කල පින් බරට
ඔබෙ කරුමෙට උන් සැම ගයි ගේ තුලට

සතයි ඔබයි මොන ණය දෝ ගෙවන්නේ
සසරට තවත් ගණුදෙනු දෝ එක්වන්නේ
මිනිසත් බවින් කෙදිනක දෝ ඵල ගන්නේ
ලොව දහමින් කෙදිනක දෝ දැක ගන්නේ..?

සතා නොවේ ඔබ දාහෙන් පෙලෙන්නේ
තිරිසන් සතා මොන සැපය ද විදින්නේ
කෙදිනක හෝ සතා මනු බව ලබන්නේ
ඔබට කෙබදු ඉරණමදෝ අත් වන්නේ..?


අදහස්

 

ඔබගේ අදහස් අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට උපකාරී වේ. මෙම පිටුව සඳහා ඔබගේ

අදහස් සහ යෝජනා යොමු කරන්න