JETHAVANARAMAVIHARAYA

උදාන වැකි

උදාන වැකිය

Shashikala Fernando - 7 - BBS009

මැයි, 2017

සිත කය වචනය යන තුන සංඛාරයන්ගේ. මූලයයි
නව ආකාරයකින් මේ තුන භවය සැකසුමට හේතු වෙයි

අවිද්‍යා ඇස් බැද ලෝභයෙන් සියළු සංඛාර හා බැඳෙයි
එයින් අභි සංඛාර උපදවයි, එය ද තුන් ආකාර වෙයි

පුන්‍ය අපුන්‍ය අනිංඥා තුන් ලෙස අභි සංඛාරයන් බෙදීයයි
මේ සියලු දේ තව තවත් සසර සරනට ම හේතු වෙයි

පුන්‍ය වූ අභි සංඛාරයන් සුගති තලයකට ගෙනයයි
අපුන්‍ය අභි සංඛාරයන් සතර අපායට ඇද දමයි

අනිංඥා අභි සංඛාරයන් කාම රූප ලොව මුදවයි
නිවනට නම් යා නොහැකි අරූප ලෝකෙක රදවයි

අවිද්‍යා – තෘෂ්ණා දුරලන රහතුන්; අභි සංඛාරය නොකරයි…
උපේක්ඛාවෙන් කල් ගෙවයි සියළු ධම්මයන් අත හරියි..

එතුමන් අරිහත් බව ලබයි සං සාරයැයි සිතමින්
මේ සියලු දේ ගොඩ නගයි අසාර දන්නා නුවණුන් සිය අල්ල ලොව අතහරියි…!!! (නිවන)


අදහස්

 

ඔබගේ අදහස් අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට උපකාරී වේ. මෙම පිටුව සඳහා ඔබගේ

අදහස් සහ යෝජනා යොමු කරන්න