JETHAVANARAMAVIHARAYA

සීහෙළයා සඟරාව

ලැබුවාවූ නව වසර ඔබට කොහොමද?

7 වන කලාපය

ලැබුවාවූ නව වසර ඔබට කොහොමද?

බු. ව. 2562ක් වූ උදුවප් මස

ගෙවූනු වසර සිහිකරන්න නව වසර සැලසුම් කරන්න.

ශක්තිමත් පුරුෂයෙක් වේගයෙන් විදිනා හීයක් බිම වැටෙන්නට නොදී තවත් ශක්තිමත් පුරුෂයෙකු දිව ගොස් අල්ලා ගනීද ඊටත් වඩා වේගයෙන් මනුෂ්‍ය ආයුෂය ගෙවීයයි. මෙම ප්‍රකාශය සනාථ කරමින් අපගේ වසරක කාලයක් නොදැනීම ගෙවී ගොස් අවසානයි. එම වසර පිලිබද හා ලබන්නාවූ නව වසර පිලිබද කරන්නාවූ කෙටි සමාලෝචනයකි මේ. ආශ්වාදයි සැපයි සාරයි ලෙස දෘෂ්ටි ගනිමින් මේ ලෝකයේ ලොකුම කෑල්ල කඩාගැනීමේ අදිටනින් යුතුව එකා පරයා එකා නැගී සිටි කාලයක සසරේ කවදා හෝ කල පිනක් පඩිසන් දීමෙන් ඔබට මට ඒ උත්තරීතර ශ්‍රී සද්ධර්මය කන වැකෙන්නට වුණි. ඉතා රුදුරු ගති වලින් හෙබි තමාගේ වාසියටම පමණක් කටයුතු කල ඔබ මම සද්ධර්මය කන වැකීමත් සමග අසත්පුරුෂ ගති අතහැර සියලෝ සතට කල්‍යාණ මිත්‍රයෙකු වීමට උත්සාහ කරන්නට විය.

බාගත කරගන්න

ඔබගේ අදහස් අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට උපකාරී වේ. මෙම පිටුව සඳහා ඔබගේ

අදහස් සහ යෝජනා යොමු කරන්න