15 අගෝස්තු, 2020
පුන් පෝ සඳ පරදන සඳ
පරවන මල් දෝතින් ගෙන
හැංගී ඝන්ඨා නාදෙක
බුදුහිමි අවසර පැතුවාහේවිසි මංගල බෙර නද
සඳුන් සුවඳ පහන් දෙවැට
පසුකර බලමින් වටපිට
හෙමිහිට අඳුරට ඇදුනාඑළිය අඳුර සිප ගන්නා
ක්ෂිතිජ ඉමේ ඈත කොනක
සඳ එනතුරු මඟ බලාන
උන් පාවෙන කළුවළාව
ඈ හා යහනට වැදුණාඑක්වීම ම අඳුරක් බව
වෙන්ව යෑම එළියයි ලොව
ලොකු සාදුගෙ වියපත් හඬ
බණ පදයක ඇමිණිගෙන
සවන් පතක විත් වැදුනාඅඳුරේ සිට බලනා කල
දාගැබ රන් කොත්කැරැල්ල
තවමත් ඈතින් පෙනුනා
සාදු සරණ යමි ගෝතම
හිමිහිට හිත කෙදිරැවා....
ඔබගේ අදහස් අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට උපකාරී වේ. මෙම පිටුව සඳහා ඔබගේ