15 අගෝස්තු, 2020
ලෝකයා හඬ නඟා
ගොරනාඩු කරද්දී,
දැනුනි සිටිනුයේ
පාවහන් නොපැලද බව
රාග, ද්වේශ, මෝහ නම්
බොරළු පොළොව මත...
ඇසිනි ශ්‍රී සත්ධර්මය
සවනත සිසාරා
හැදිනුවෙමි;
දහම නම් මිරිවැඩි සගල...
එදා බොරළු ඇනෙමින්
දෙපා රිදුනු මම,
අද ලොව හමුවේ
බොරළු මත ගමන් කරනා
ශිෂ්‍යයෙකි;
අමිල මිරිවැඩි පැලදි
බුඳුන් පාමුල...
ඔබගේ අදහස් අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට උපකාරී වේ. මෙම පිටුව සඳහා ඔබගේ