10 ජූලි, 2020
වැටහුනා නම් දිනෙක
අසාර බව ලොවක
එකෙක් පරයා එකෙක්
දිනන්නට දඟලයිද.?අවදි වී හැම දිනක
දුවයි වේගෙන් නිතර
අරමුණක් නැතිව හෝ
එක තැනක නම් නොමැත.දිනෙක ඇසුවා හරසුන් බව
ලොවේ ඇති හැමදේක
නැවතුනා හිත ඒ තැනම
විඳිමි නිදහස නේක.ඇසු විට නිවෙනවා මුළු හිතම
යොදා බලමින් ජීවිතයටම
ගලපමින් ඒ උතුම් සත් දහම
නිවී යනවා නිවන් පුරයට.
ඔබගේ අදහස් අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට උපකාරී වේ. මෙම පිටුව සඳහා ඔබගේ