10 ජූලි, 2020
සාරිපුත් පරපුරෙන් පැවත
එන දම් පහන
තේජවත් හඬින් සත
බැඳි කෙළෙස් බැමි සිඳින
පාරමී පුරා විත්
පරපුරක සෙත සදන
වඳිමි සඝ පා පියුම්
සිත තාප දුක නිවනඅනාථව පැමිණි දිවි
ගලව ගනු තැන දැරුව
කුහුඹුවන් සේ කෙළෙස්
ජලය මත වුනි පාව
ජලෙන් මතු වුණු නෙළුම්
පතට උන් නෙතු පෑව
නැමී දිය මතට සිය
පතින් උන් ගොඩ දැමුවමහා කරුණා තාදි
මුදිතාව සිත දැරුව
සොඳුර මිණි පහන වේ
ඔවා මිණි කැට බෙදුව
ලබා අත් වාරු පා
සටහනට පිය තැබුව
අඳුරු සඳ එළිය ගෙන
වෙමි දිලෙන දරු තරුව
ඔබගේ අදහස් අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට උපකාරී වේ. මෙම පිටුව සඳහා ඔබගේ