10 ජූලි, 2020
අසනි වැසි
වැටුනාට අහසින්
හඬාවිද පොළොවක්...
දරා ඒ සියළු බර
හිඳියි
අකම්පිත ගුණයෙන්...එලෙසින්ම ඒ
මහා සඝ ගණ
දැරූ තාදී ගුණයෙන්...
නොසෙල්වී
අටලෝ දහම මැද
සිටී
මිහිකත විලසින්...එවන් අරි’තුම්
ඒ කළණ වැට
වඳිමි සිහි කර ගුණයන්...
පතා නිවෙනට
පහන් සිල සේ
නිවන් ලැබ
මා සසරින්...
ඔබගේ අදහස් අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට උපකාරී වේ. මෙම පිටුව සඳහා ඔබගේ