04 ජූලි, 2020
එදා කේක් එකක් මේසය උඩ තිව්වා
එක හුස්මින් ඉටි පන්දම නිව්වා
Happy birthday to you කිව්වා
කේක් කපලා ඔක්කොටම කැව්වාවෙහෙසව දරු තැනු මව්පියො දෙන්නා
මුහුණ ඉඹල තව තෑගිත් දුන්නා
ආශ්වාද, සැප, සාර පෙන්නා
එදා සිටියෙ මෝහය කර පින්නාඅද බුදු ගුණ සිහිකර පහනක් දල්වා
මල් පොකුරක් සිරිපාමුල තිව්වා
තෙරුවන් ගුණයෙන් පිහිටක් සෙව්වා
සිත පහදා ගෙන බුදු ගුණ කිව්වාඋපන් දිනේ විදි දුක් සිහි කරවා
අම්මා, තාත්තා ලඟ දණ නැමුවා
ඒ දෙපළට තෑගිත් පිරි නැමුවා
මව්පියෝ දරුවට නිවනම පැතුවා
ඔබගේ අදහස් අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට උපකාරී වේ. මෙම පිටුව සඳහා ඔබගේ