24 ජූනි, 2017
පෙරෙළෙන ගලේ නොබැදේ කිසිදා පාසී
අරිහත් උතුම් සිතකට උපමා රාශී
පනින්න පෙර සිතා බලන වියත් වැකී
අරමුණ විමසමුද හැදෙන්න පෙර ජාතී….!හකුරු වක්කඩේ හංගල පලක් නොවේ
බිදෙන සංකාරෙ උපදලා හරය කොහේ
පිරුනු කලේ දිය සෙලවී නොමැත ලොවේ
අටලෝදහම මත අරිහත් සිත නොසැලේ…!තන අග පිනි වගෙයි අප ලැබු ජීවිතය
චිත්ත වීතියක කල් ඇත විශ්වාස
ඉගුරු දීලා මිරිස් ගත්තු ගැමි හරුප
වාගෙයි මාරු කෙරුවත් තිස් එක් තලය….!නටන්න බැරි කෙනාට පොලවත් ඇදය
නිවනට යන්න බෑ දරුවන් තව පොඩිය
අතහරින්න බැරිහින්දම කම් සැපය
හෙතු ගොඩයි රවටන්නට හිත් පොඩිය….!පවකට පින් දෙන්න උත්සහ කරනු එපා
දහමට ගැටෙන අයහට දම් දෙසනු එපා
දිලිසෙන සියලු දේ රන් යයි සිතනු එපා
පෙනෙනා දෙයම ඇති සැටියට ගන්න එපා….!පිරුළු ලියන්නට පුලුවනි තව බොහොම
පරම අර්ථ දහමට මතුවෙයි මෙහෙම
බිදක් ලියා හෙළයන් ගැන ගුණ වරුණ
මතුකරලන්නෙ අපි නුබලා රැකු දහම….!
ඔබගේ අදහස් අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට උපකාරී වේ. මෙම පිටුව සඳහා ඔබගේ