29 ජූනි, 2019
සැරිසැරීම….
පස්කම් මායා දැලෙහි මත්වී රිසියෙන්
කැඩෙන නැසෙන ලෝකය හා හාද වෙමින්
අවිදු අඳුර මැද විස ඵල රස විඳිමින්
සත දුක් විඳීයි ගැල බැඳි ඒ ගොනු විලසින්ඉපදෙන මැරෙන අපි එන යන මේ ගමනේ
අනේක සසර නාටක හැම රඟනු පෙනේ
එනමුදු දරන්නට රහතුන් පිරුව ගුණේ
එන්නේ එක් වරකි මේ මුලු සසර ඉමේ
ඔබගේ අදහස් අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට උපකාරී වේ. මෙම පිටුව සඳහා ඔබගේ