29 ජූනි, 2019
ගෑවි ගෑවී එකට හිඳ ගනුදෙනුම පියවන ලෝ සතා
පේවි පේවී යසට විඳ විඳවනා සසරේ රඟ සොබා
ආදි ආදී කරපු කම් පියවනා බව නොම දත් දනා
ජාති ජාතී එකට ඉන්නට පතයි මෝහෙන් මත් වෙලාපෑදි පෑදී නැගුනු පින් බල මහිමෙ ඵලවත් නොම නෙලා
නෑවි නෑවී කෙලෙස් වැස්සෙන් සසර තව දුර යනු එපා
පීදි පීදී නැගෙන සදහම් ගෙනෙයි ලොව්තුරු සුව අමා
සාදු සාදූ අරිය උතුමන් සදා සත හට වාසනා
ඔබගේ අදහස් අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට උපකාරී වේ. මෙම පිටුව සඳහා ඔබගේ