24 ජූනි, 2017
සාදු කියමු පුතේ කියා දෑත් එකතු කල අම්මා
බුදු හිමි පිලිරූ අසලින් මගේ දෙදන නැමු අම්මා
දහම් අරුත ඇසෙනා විට පුතු අමතක කර දැම්මා
අමා නිවන් මග පුරන්න පින් කෙරුවා මගෙ අම්මාපන්නා සසර කල අකුසල් දුර ඈත
පෙන්නා මවක් සසුනට යන හැටි වීර
ඉන්නා සතුට දුටු විට මට නැහැ ශෝක
ගන්නා විරිය පමනයි අම්මට නිවනහිතේ තියන් නොකියූ දහමක් නොමැතී
ලොවේ ඉදන් දෙන්නට මට සැපක් නැතී
ගතේ සිවුර දවටන් මග පුරන හැටී
නෙතේ නොගැටුනත් දැන් කිසි බියක් නැතීඉන්නා සියලු දෙවියන්ගේ රැකවරනේ
ගන්නා දිනේ බික්ශුනියකි නුබ සසුනේ
වැන්දා මව්ට සිහිකරලා තුන් සරණේ
අම්මා ගියා සම්මා සම්බුදු සරණේ..
ඔබගේ අදහස් අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට උපකාරී වේ. මෙම පිටුව සඳහා ඔබගේ