JETHAVANARAMAVIHARAYA

දහම් සංකල්පනා

ලෝකය හදන්නේ ඔබය, විදින්නේ ඔබය, විදවන්නේද ඔබය

07 ජූනි, 2017

මෙය බෙදා හරින්න

Facebook Twitter Email WhatsApp

අප මෙතෙක් ගෙවා ආ ගමන කොතරම් දිගු කිසිවෙකු නොදනී. නෙතින් ගලා ගිය කඳුළු කොතරම් දැයි කිසිවෙකු නොදනී. හදින් හෙලූ සුසුමන් කෙතරම් දැයි කිසිවෙකු නොදනී. එවන් මගක යා යුතු දුර ගැන කිසිවෙකු නොදනී. අප යම් තැනෙක මුලා වී ඇත.

අප සිතන්නේ සන්සාරය යනු භවයෙන් භවයට ගමන් ගන්නා කාල යාත්‍රාවක් ලෙසය නමුත් සන්සාරය යනු මේ මොහොතය, සන්සාරය පවතින්නේ මොහොතින් මොහොතටය. හිතක් නිරුද්ද වී තව සිතක් ඉපදීම සන්සාරයයි ජීවත්වන්නේ එක් චිත්තක්ෂනක් පමනි. එක් සිතුවිල්ලකින් විඩාවට පත්වූ විට තවෙකක් ගොඩනගයි. එය චක්‍රයකි. ජීවිතයේ දාහය නිවන්නේ සිතුවිලිය උපත යනු සිතක් පහල වීමයි, පැවැත්ම යනු එක් සිතකින් තවෙකකට චුත වීමයි, මිය යාම යනු සිතුවිල්ලක විරාමයකි.

කාලය යනු සිතේ ඇති සඥාවකි. තතාගතයන්ට අනුව සංඥාව මිරිඟුවකි.(මිරිඟුවක් යනු ඇත්තටම නැති මුත් එවැන්නක් ඇති බව පෙන්වන්නකි). එනම් සඥාවේ ස්වභාවය නැති දේ ඇති දේ ලෙස පෙන්වීමයි. සඥාව විසින් සිතුවිල්ල සජීවිකරනය කරයි. ඊයේ පෙරේදා, ගිය මාසය , හෙට අනිද්දා යනු සඥා වේ.

කාලය ගොඩ නැගෙන්නේ ඇලීම සහ ගැටීම මතය දිව පිනවන රසක් දැනුන හොත් එය සිතෙහි ගබඩා කර තබා ගනියි, කැමති දේ තදින් අල්ලා ගයි.
කැමති දේ අල්ලා ගන්නේ එය ඉදිරියේදී තවත් රස විදීමටය අල්ලා ගැනීම නොහොත් තන්හාව නිසා කාලය ගොඩ නැගෙයි ඇලීමට, ගැටීමට, රස විදීමට කෙනෙකු ඇතැයි සිත් වෙයි. මම කියා පුද්ගලයෙකු ඇතැයි සිතෙයි.

කාලය නැමති මායාවට මමත්වය එකතු කිරීම ජීවිතයයි / භව ගමනයි. අතීතය අනාගතය ගොඩනැගෙන්නේ මේ මොහොතට සාපේක්ෂකවය රූප දකින මුත්,පහස ලබන මුත් එහි නො ඇලෙන – නො ගැටෙන අයෙක් තුල අතීතයට අනාගතයට මුල් නොබසියි. ඔහු අතීතය අනාගතය තුල සැරිසැරීම අත් හරියි ආර්ය මාර්ගය නම් අත්හැරීමය, ඇලීම් සහ ගැටීම් වලින් බැහැර වීමය අත්හැරීම ප්‍රගුණ කරන කෙනෙකු තුල ඇලීම් ගැටීම් අඩුවෙයි. එමගෙහි කෙලවර නම් “දැක්කොත් දැක්කා පමනි, ඇසුවොත් ඇසුවා පමනි” ඇලීමක් ගැටීමක් නොමැත.

ඉපදීම සඳහා අභිසංඛාර නොවැඩීම – සෝපාදිසේස නිවනයි.

බිඳි ගියසිත නැවත නොඉපදවීම – අනුපාදිසේස නිවනයි.

ලෝකය හදන්නේ ඔබය, විදින්නේ ඔබය , විදවන්නේද ඔබය. එය සිහිනයකි.

ධර්ම දේශනා ඇසුරිනි
කීර්ති රත්නායක

ඉපදෙන මැරෙන අපි එන යන මේ ගමනේ
ඉපදෙන මැරෙන අපි එන යන මේ ගමනේ 29 ජූනි, 2019 සැරිසැරීම….පස්කම් මායා දැලෙහි මත්වී රිසියෙන්කැඩෙන නැසෙන ලෝකය හා හාද වෙමින්අවිදු අඳුර මැද විස ඵල...
ගෙවිලා යන විටදි ඉවසුම් නැති කලට
ගෙවිලා යන විටදි ඉවසුම් නැති කලට 29 ජූනි, 2019 රැවටී මන මුලාවී උගුලට හසුවීලාරැවටී මන ආප වී මනාපයක් වීලාරාග වී රා අග්ග වී රාගික වීලාමුලාවී වැටේ...
ගිනි යැයි දැක දැකත් තව ගිනි කන්නේය
ගිනි යැයි දැක දැකත් තව ගිනි කන්නේය 29 ජූනි, 2019 මෝහය…..සසර නොවේ සුන්දර මහ බියකරුයසසර නැත සුවක් ගෙන දෙන්නෙම දුකයමෙහෙම කිය කියා එසසරෙම යන්නේයගිනි...
සිතින් සිත ඇමිනනෙනා පුරුකද නසමි භව දුක බිද දමා
සිතින් සිත ඇමිනනෙනා පුරුකද නසමි භව දුක බිද දමා 29 ජූනි, 2019 මේ තරම් සිත නිවෙන දහමක් සසරේ මුන නොගැසුනු නිසා සතුට සොයමින් දැවෙන සසරකගිනි නොදුටුවෙමි වී...
මගේ යැයි ගැනීමට කුමක් ඉතිරිව ඇතිද?
මගේ යැයි ගැනීමට කුමක් ඉතිරිව ඇතිද? 29 ජූනි, 2019 මගේ කිය කියා යන නමුත් පසු පසමමගේ මන රිසි ලෙසට තැබිය හැකි දෝ කෙලෙසමගේ කම අතහැරිය දිනක් වේනම්...
නෑවි නෑවී කෙලෙස් වැස්සෙන් සසර තව දුර යනු එපා
නෑවි නෑවී කෙලෙස් වැස්සෙන් සසර තව දුර යනු එපා 29 ජූනි, 2019 ගෑවි ගෑවී එකට හිඳ ගනුදෙනුම පියවන ලෝ සතාපේවි පේවී යසට විඳ විඳවනා සසරේ රඟ සොබාආදි ආදී කරපු කම්...
සොදුරු හුදකලාවක සමවදිමි නතු සිතක
සොදුරු හුදකලාවක සමවදිමි නතු සිතක 29 ජූනි, 2019 කදුළු පිරි වෙලාවක පෙළුණු මන මුලාවක දුටිමි මන ගිය දුරක ඇමිනනෙනා සිත් වැලකඇලෙන ගැටෙනා සිතකතරම...
පහන දැක්කා ලෝකයක් ලෙස මැව් සෙවනැලි සුන් කෙරෑ
පහන දැක්කා ලෝකයක් ලෙස මැව් සෙවනැලි සුන් කෙරෑ 02 ජූනි, 2019 හදුන ගත්තා මාරයා මන මවන සෙවනැලි තර කෙරෑපහන දැක්කා ලෝකයක් ලෙස මැව් සෙවනැලි සුන් කෙරෑදවන දැවෙනා...
ගෙවෙනා විටදි සසරේ වූ ගනුදෙනුවක්
ගෙවෙනා විටදි සසරේ වූ ගනුදෙනුවක් 02 ජූනි, 2019 මව් පිය දරු දැරියො සැමියා බිරිඳ නමින්හමු වූයේ නැත කිසිවෙකු අහඹු ලෙසින්පෙර සසරේ ගනුදෙනු පියවා...
නොමියැදෙන්න සසරෙ අනාතයකු වීලා
නොමියැදෙන්න සසරෙ අනාතයකු වීලා 02 ජූනි, 2019 කෙරුවා සැමට කල යුතු යුතුකම් නිබඳදමලා පසුපසට ධර්මය සහ නිවන පැනලා හැටත් හැරමිටියෙන් යන කලටනිදනා...
අතොරක් නැති සසරෙ කල පින් පල දීලා
අතොරක් නැති සසරෙ කල පින් පල දීලා 01 ජූනි, 2019 රඟමින් රැගුම් මනු ලොවදී දමති වැඩ පහසක් ගන්න දහසක් දේ දරා හිත රහසක් නොමැතිවම කම්සැප විදින කල...
මන මවනා කැටයම් නැත කිසිදින
මන මවනා කැටයම් නැත කිසිදින 01 ජූනි, 2019 පෙනෙන ඇසෙන සහ දැනෙන සියල්ලමමැනෙන තරම් සම්මතයෙ ඉදන්…පෙනෙන ඇසෙන සහ දැනෙන සියල්ලම ඇත ලෙස ගෙන දුක්...

ඔබගේ අදහස් අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට උපකාරී වේ. මෙම පිටුව සඳහා ඔබගේ

අදහස් සහ යෝජනා යොමු කරන්න