07 ජූනි, 2020
මහා සැඩ හිරු වසන් කරවා
තරු කැකුළු රැුකි අහසක්
අකුණු සැර වැසි බර දරාගෙන
නිහඩවම සිටි අන්දම්…ලෝකයෙන් එන සියළු ගැරහුම්
දැරූ අකම්පිත ගුණයෙන්
රකියි සත සිත් දෙමින් ඔවදන්
ලොවේ දොස් නොම දකිමින්…තනා වියනක් වළා රොදකින්
තරු පැටව් එහි හිඳුවන්
අහස තරමින් කවුරු තරු බර
දරාවිද මේ සෙනෙහෙන්…පියෙන් පිය සීරුවෙන් තබමින්
යනෙන අන්්දම් පෙන්වන්
යොදා වෙර දම් දෙසයි සත වෙත
කළණ වැට ඒ තරමින්…ලොවම පැහැදිලි වුව සැනෙකින්
තරු එළිය ලොව විහිදන්
කියයි මග සුවහසක් සත හට
යනෙන හරි මං පෙන්වන්…හොවා ඇකයේ රැුකපු දරුවන්
පිරවු දම් හා ගුණයෙන්
මුදයි එරෙහිව ආ ලොවම වෙත
තෙමන්නට සිත් දහමින්…එවන් අහසක දුලන තරු මෙන්
සත රැුකෙයි සඝ රුවනින්
ලොවම සැනසී නොම තියේවිද
එවන් වු සඝ ගුණයෙන්…
ඔබගේ අදහස් අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට උපකාරී වේ. මෙම පිටුව සඳහා ඔබගේ