JETHAVANARAMAVIHARAYA

දහම් සංකල්පනා

හිත

07 ජූනි, 2020

මෙය බෙදා හරින්න

Facebook Twitter Email WhatsApp

හිත,
ඇති නේද අපි දෙන්නා ආව මේ දුර
වල්මත් වෙලා නොදන්න පාරක…
දුක නැද්ද බං උඹට මා ගැන?
උඹත් එක්කම ආබස්සරෙන් බිමට බැහැල,
තිස්එක් ලෝකතලේම රස්තියා¥ වෙච්ච මා ගැන…
අවීතියේ ටිකක් කටු කෑවා,
තිරිසන් ලෝකේ ඉතිරි කටු ටික කෑවා…
සක‍්‍රයා වෙලා දිව්‍යමය කටු කෑවා…
දැන් මනුස්ස ලෝකේ ඉදන්
නැතිවෙන්න කටු කනවා…
ඇති නේද මචන් දැන්;
තේරෙන්නේ නැද්ද උඹට?
අපිට ඉන්නේ අපි විතරයි
කවුරුත් නෑ අපිව ගොඩදාන්න…
ඒ නිසා හොඳ එකා වගේ
කියන දේ අහපන් බොක්ක,
අමාරුයි තමා හදාගත්ත ලෝකේ අතහරින්න…
ඒත් ඇති බං කෑවා මේ
කාලකණ්නි කට්ට..!
පේන්නේ නැද්ද උඹට
බුදුහාමුදුරුවෝ වැඩලා ඉන්නේ
අපි දෙන්නා ලඟටම…
තේරෙන්නේ නැද්ද උඹට?
මේ තමා හම්බවුන
අන්තිම චාන්ස් එක..!
ආයේ හම්බවෙන්නේ නැතිවෙයි
කල්ප කෝටි සතශහස‍්‍රයකට…
ඒ නිසා යමු මචන්
උඹයි මායි,
නිදහස් වෙලා මේකෙන්
ආයේ නොඑන්නම…

පුන් පෝ සඳ
පුන් පෝ සඳ 15 අගෝස්තු, 2020 පුන් පෝ සඳ පරදන සඳපරවන මල් දෝතින් ගෙනහැංගී ඝන්ඨා නාදෙකබුදුහිමි අවසර පැතුවාහේවිසි මංගල බෙර...
නිවෙන බව දැන් දැනෙයි හෙමිහිට
නිවෙන බව දැන් දැනෙයි හෙමිහිට 15 අගෝස්තු, 2020 අයිති දෑ සැම සතහටමගේ යැයි සිතා ලොබකොට,පිටුපා සත් බසටඇදෙමින් සතර අපායට...අසුව සැප මර...
බොල් වී
බොල් වී 15 අගෝස්තු, 2020 හැඩ වැඩට අන්දවා පළඳවා රන් දම්ගස්සවා පද්දවා පා තබන අන්දම්සිතත් ඇස් ගති, විලස අඳුරෙ සැලි...
මම
මම 15 අගෝස්තු, 2020 සාරයි සැපයි සිතමින් මේ මමඅපමණ දුක් කඳ විඳිමින් සසරමදැවෙමින් තැවෙමින් හඬමින් රැකි මමමහ දුක් කඳ...
මිරිඟුවේ දිය දුටු මුවන්
මිරිඟුවේ දිය දුටු මුවන් 15 අගෝස්තු, 2020 සසර බියකරැ බව නොදත්ආශ්වාදය හිස තියන්විඳින දුක් කඳ නොම දනිත්මිරිඟුවේ දිය දුටු මුවන්...මිරිඟුවේ...
මිරිවැඩි සගල
මිරිවැඩි සගල 15 අගෝස්තු, 2020 ලෝකයා හඬ නඟා ගොරනාඩු කරද්දී, දැනුනි සිටිනුයේ පාවහන් නොපැලද බව රාග, ද්වේශ, මෝහ නම් බොරළු පොළොව...
මුලාව නම් තිමිර පට
මුලාව නම් තිමිර පට 15 අගෝස්තු, 2020 මුලාව නම් තිමිර පට යථාව නම් දෙනෙත වැසූ හැටිපරම සුවයට උරුම කම් කි සිතටඅද,උරුමව ඇත්තේ දුකම...
පයට පෑගෙන පාපිස්ස වෙමි...
පයට පෑගෙන පාපිස්ස වෙමි... 10 ජූලි, 2020 ඉවසීම නම් පරම ගුණයට එක් වුණෙමි දණ බිම නමන්පයට පෑගෙන පාපිස්ස වෙමිදුහුල් කුණු හැම ගතදරන්සිත...
මිනිස් දින
මිනිස් දින 10 ජූලි, 2020 අඳින්නට පළඳින්නට අඩුපාඩු මොනවාදසැමියාට තාත්තාට අම්මාට කියනවදමේ සැරේ වටිනාම තෑගි මට ලැබේවිදඋපන්...
ඔප දමනු කිම මේ කය
ඔප දමනු කිම මේ කය 10 ජූලි, 2020 මගෙ කය කියා හැඩ වැඩ කරනා මේ කයමා මළ දාට කුණු වූ මස් වදලක්යඇට කටු වෙන්ව විසිරී තිබූ කලට...
අකම්පිත
අකම්පිත 10 ජූලි, 2020 අසනි වැසි වැටුනාට අහසින්හඬාවිද පොළොවක්...දරා ඒ සියළු බරහිඳියි අකම්පිත ගුණයෙන්...එලෙසින්ම ඒ මහා...
කරමු උතුම් පැතුම්
කරමු උතුම් පැතුම් 10 ජූලි, 2020 නොඇර නාරි සිතුම්දොඩන වහසි දෙඩුම්කරති මමව මැවුම්දුකින පෙළෙන තැවුම්මුවින දෙවන පැදුම්නොවන අනෙකු...

ඔබගේ අදහස් අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට උපකාරී වේ. මෙම පිටුව සඳහා ඔබගේ

අදහස් සහ යෝජනා යොමු කරන්න