08 අප්‍රේල්, 2017
මේ ලොව මට කිසි සතුටක් නෑ හරයක් නෑ මගෙ සුදු අම්මේ…
ගේදොර වාහන උගත්කමින් නම් මරණය වලකනු බෑ අම්මේ…
මනාලියක වී කුලගෙට ගියාම සසරට තව බැදෙනවා අම්මේ…
තුන්සිත පහදානිවන් දකින්නට මට අවසර දෙනු මැන අම්මේ…!!!දිගු වරලස මා කපා දමන්නෙමි ධර්මය හිස දරමින් අම්මේ…
විසිතුරු ඇදුමන් ඉවත දමන්නෙමි තුන් සිවුරක් දවටා අම්මේ…
රන් අභරණ මා උනා දමන්නෙමි පාත්තරය ගන්නෙමි අම්මේ…
භව ගමනද මා නවතාදමනෙමි බුදු සසුනේ පැවිදිව අම්මේ…!!!
ඔබගේ අදහස් අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට උපකාරී වේ. මෙම පිටුව සඳහා ඔබගේ