17 නොවැම්බර්, 2016
උපත-මරණය නියත මිනිසුනි, අසනු මැන දැන් මේ පවත්, කලණ මිතු දම් සරණ ඇත තව,
නිවෙන්නට දුක් ගිනි මැදින්…කරකවන සංසාර රෝදය, මගේ කොටගෙන වෙලී, රුචි අරුචිකම් සමඟ ගැටෙමින්,
ගෙවා දැමු කාලය මහත්…පැතූ දෙව් තල නො දුටු බඹ ලොව, සේ ම නිරය ද උරුම වූ, ගෙවා ආවෙමු භවෙන් භවයේ,
ඉපිද මියැදුනු සිත් පෙලක්…කය ද මියැදෙයි සිත ද මියැදෙයි, අසුරු සැනෙකින් වහ වහා, නොදකිනා තෙක් එබැව් සැනිනේ,
මුලා වනු ඇත මනු සතා…“මම” ම මුල් කොට පහල වන සිත්, “මම” ම රැක ගනු වස් නිතින්, නොමද වෙහෙසක් දරනු ඇත දැන්,
සසර වට මත දිව යමින්…ගෙවී යන ක්ෂණ කාල රෝදය, දැන් දැන් ම නවතනු රිසින්, තෙරුණුවන්ගේ අසිරි ලැබ අප,
මමත්ත්වය සිඳලමු මුලින්…තෙරුවණ් සරණයි …!
සජිනි සමරක්කොඩි
මෙය බෙදා හරින්න
ඔබගේ අදහස් අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට උපකාරී වේ. මෙම පිටුව සඳහා ඔබගේ