17 නොවැම්බර්, 2016
නිස්සාර පොළෝ තල දාහයෙන් දැවෙන සඳ,
අතු පතර පත් සිඳුනු වියළි තුරු මඩුලු ඇත,
සිඳුනු උල්පත් ජලය පිපාසිත දනන් හට,
මරු සමඟ එක්ව මේ කරන සරදම කිම ද…ඉරි තැලුනු දෙරණ මත වැතිර හිස් අඹර දෙස,
දූලි තැවරුනු දෙඅත දිගු කරන මිනිස්කම,
උමතුවෙන් මුමුණමින් යදින්නේ ජීවිතය,
කමාවක් ලද හැකි ද කරපු අකුසල්වලට…අබුදු වර දිගුව නැගි අඳුර රජයන ලොවක,
මතු දවස උදා වෙයි නිවුනු කල බුදු පහන,
කෙලෙස් සිත් පුබුදුවන අධර්මය ලොව වෙලන,
මිනිසුනට නොවැටහෙයි කුසල-අකුසල වෙනස…ගනිති ඉඳුරන් වෙතට නේක විධ අරමුණු ම,
තවති සිත් පරපුරක් කෙලෙස් ගතියෙන් මත්ව,
සමාජය රුදුරු වෙයි මව පියා නො හඳුනන,
මිනිස්කම තෙත්ව යයි රුහිරු වැසි ඇද හැලෙන…කර්මයට විපාකය සොබාදම දෙනු ලබන,
අනාගත ඉරණමයි ඔබට මට උරුම වුන,
පව්කාර දෙඅත් මත දූලි තැවරුනු පසුව,
කමාවක් නැත කිසිත් පුහුදුන් මිනිසුනට…මිදෙන්නට මින් මගක් හසු නොවී ඉඩෝරයට,
මියෙන්නට පෙර අපේ ගෝතම බුදු සසුන,
රැඳෙන්නට අවසරයි ගතවනා මොහොත තුල,
සොයන්නට අවැසි නම් “මම” නමැති මායාව…තෙරුවන් සරණයි !
සජිනි සමරක්කොඩි
ඔබගේ අදහස් අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට උපකාරී වේ. මෙම පිටුව සඳහා ඔබගේ