09 මාර්තු, 2017
කර්මයෙහි ස්වරූපය ඉන්ද්‍රීය ප්රත්යක්ෂයට ලක් කල නොහැක. සෛධාන්තික ප්‍රමේය මගින් දැක්විය නොහැක. ගුරුත්වාකර්ෂණය, පෘතුවියේ බ්‍රමණය, පරමානුවක බිදීම ඇසට නොපෙනෙයි. නමුත් අප විසින් ඒවා සත්‍ය ලෙස නොපැකිල පිලිගනු ලබයි.
ජීවිතය යනු කර්මය හා බැදුනු ගනුදෙනුවකි. කර්මයෝ විසින් විපාක රැස්කරයි විපාකයෝ විසින් කර්ම රැස් කරයි. ලොව එලිය දකින මව් කුස තෝරා දෙන්නේ කර්මය අනුවය. නො එන ගමන් යන්නේද කර්මය අනුවය.
දෙමව්පියන්, සහෝදර සහෝදරියන්, නෑදෑසමුහයා, අසල් වැසියන්, යහලුවන් ලබන්නේ කර්මය අනුවය. කෙනෙක් තවකෙකුගේ ඇසුරට එන්නේ එක්කො යමක් ගැනීමටය නො එසේ නම් යමක් දීමටය. මෙම ධර්මතාවය කවරෙකුට වුවද අදාලය.
විටෙක දරුවන් අතින් දෙමාපියන් මිය යයි. සැමියා නිසා බිරිද වස බොයි. යහලුවෙකු නිසා නොමග යයි. ඥාතීන් අගේ ඉදන් කන කයි. විවාහය, දරු සම්පත, ඥාතී සනුහුරය යනු කර්මානුකූල ණය පියවීමකි.
මව පියා, භාර්යාව, ස්වාමිපුරුෂයා, දරුවන් යනු වචන මාත්‍ර පමනි. මේ කිසිවෙකු ඔබ සතුටින් තැබීම සදහා පැමින නැත. ඔවුන් ඔබ ඇසුරු කරන්නේ සංසාරය නැමති බැංකුවෙන් ලබා ගත් කර්මය නැමති ණය පියවීම සදහා පමනි. එහෙයින් ගනු දෙනුව නිමා කරනු විනා ඒ කිසිවෙකු සමග ඇලීමට හෝ ගැටීමට නොයා යුතුය.
ධර්ම දේශනා ඇසුරිනි
කීර්ති රත්නායක
මෙය බෙදා හරින්න
ඔබගේ අදහස් අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට උපකාරී වේ. මෙම පිටුව සඳහා ඔබගේ