31 ජනවාරි, 2017
වරෙක මානවයා මිහිමත විජය කොඩි නගමින් අධිරාජ්‍ය තැනුහ. ලෙයින් සහ යකඩින් ගෙන්දගම් පොලොව දික්විජය කලේය. යටකී බිමේ එක් කොනකින් හිරු බැස යනවිට තව කොනකින් හිරු උදාවූයේය. ඊට හිරු නොබසින අධිරාජ්‍ය යයි නම් පබැදූහ. තවකෙක් සෛධාන්තික ගණිතයේ කෙල පැමිනියහ. නව නිර්මාණ කලහ. ඇතමෙක් විශ්වයේ කෙලවර සෙවූහ. සියල්ල අල්ලා ගනිමින් ඔවුන් සෙවූයේ සැපවත් ජීවනයකි.
සියල්ල අල්ලා ගැනීමට යත්න දරන මිනිසුන් අතර එකෙකු සියල්ල අත්හලේය. දිනෙක ඔහු රජ ගෙයද කුල ගෙයද හැරදමා වනේ වන ගත විය. ඉනින් පස් වසරකට පසු ඔහු මාර්ගයද සත්‍යයද පසක් කලේය.
අධිරජුන්ගේ ප්‍රතාපවත් බලකොටු කාලයේ වැලි තලාවෙන් යටව ගියේය. සෛධාන්තික න්‍යායන් උඩු යටිකුරු විය. නමුත් ඔහු පසක් කල සත්‍ය ධර්මය නොබිදී ගලා ආවේය.
වරෙක ඔහුගේ ධර්මය මහ සයුරකි. වරෙක පවස නිවන දිය බිදකි. පරම සත්‍යය පද තුනකින් සංශිප්ත කොට දැක්වීය. විශ්වය අනිච්චය, දුකය, අනත්තය. අනාථ වූ ලෝකයේ සනාථ මග හෙලි කලේය.
කීර්ති රත්නායක
මෙය බෙදා හරින්න
ඔබගේ අදහස් අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට උපකාරී වේ. මෙම පිටුව සඳහා ඔබගේ