JETHAVANARAMAVIHARAYA

නිවේදන

2021 නව වසර සඳහා ගැහැණු දරුවන් බඳවා ගැනීම

21 දෙසැම්බර්, 2020

සිව්මග ධර්මායතනයේ නිවේදනයයි.

2021 නව වසර සඳහා ගැහැණු දරුවන් බඳවා ගැනීම.

මෙතෙක් කලක් පිරිමි දරුවන් සඳහා පමණක් ක්‍රියාත්මක වූ අප ධර්මායතනය මේ වන විට වසරක කාලයක් ඉක්මවමින් නිවන මූලික කරගත් වැඩසටහනක් තුළ දරුවන්ගේ අධ්‍යාත්මික ගුණ සමුදාය පෝෂණය කරමින් ඉතා සාර්ථක අන්දමින් ක්‍රියාත්මක වේ.

2021 නව වසරේ දී ගැහැණු දරුවන් සඳහා ද මෙම අවස්ථාව උදාකරදීමට ආරාමයේ සංඝ සභාව තීරණය කර ඇති අතර අපි ඒ සඳහා කටයුතු සූදානම් කරමින් තිබෙන බව සතුටින් දන්වා සිටිමු.

ඒ අනුව අවුරුදු 7ත් 14ත් අතර ගැහැණු දරුවන්ට ද දහම් පාසල සඳහා අයදුම් කිරීමට දැන් හැකියාව තිබෙන බව දන්වා සිටිමු. වැඩි විස්තර සඳහා කරුණාවෙන් පුණ්‍යභාරයේ හර්ෂ බමුණුආරච්චි මහතා අමතන්න.
0773336274


වෙනත් නිවේදන...

  • සර්වරාත්‍රික පරිත්‍රාණ සද්ධර්ම දේශනාව සහ කඨින පිංකම

    26 නොවැම්බර්, 2020

    සර්වරාත්‍රික පරිත්‍රාණ සද්ධර්ම දේශනාව සහ කඨින පිංකම තෙරුවන් සරණයි! සැදැහැවත් ඔබ සියලු දෙනාගේ දැනුවත් වීම පිණිස කෙරෙන විශේෂ නිවේදනයයි. මෙමස 28 සහ 29 (සෙනසුරාදා සහ ඉරිදා) යන දෙදිනයන්හි දී පැවැත්වීමට...
  • සැදැහැත්තෝ පින් සිතින් පේ වෙත්වා !

    23 නොවැම්බර්, 2020

    සැදැහැත්තෝ පින් සිතින් පේ වෙත්වා ! තෙරුවන් සරණයි!2020 වර්ෂයේ කඨින පිංකම නොවැම්බර් මස 29 වන ඉරු දින පැවැත්වීමට ඔබ සියලු දෙනා වෙනුවෙන් පුණ්‍යභාරය විසින් සිදු කළ ඉල්ලීම අප ආරාමවාසී...
  • 07-10-2020 බදාදා දින පැවැත් වීමට නියමිත වූ දේශනාව නොපැවැත්වේ !

    05 ඔක්තෝබර්, 2020

    තෙරුවන් සරණයි,බලාපොරොත්තු නොවූ අයුරින් රට තුල නැවතත් කොරෝනා වෛරසය ආසාදනය වීමක් සිදු වෙමින් පවතින බවට ඔබ දැනුවත් වී ඇතැයි අපි විශ්වාස කරමු. මෙම...
  • කොරෝනා වසංගතය : ආරාමය නැවත විවෘත කිරීම

    28 සැප්තැම්බර්, 2020

    තෙරුවන් සරණයි,2020 ඔක්තෝබර් මස 7 වන බදාදා දින පැවැත් වීමට නියමිත වූ දේශනාව නොපැවැත්වේ !කොරෝනා වසංගතය අපේ රටේ ශීඝ්‍රයනේ ව්‍යාප්ත වූ කාලය තුළ ඔබ අප...
  • කලණ වැට

    18 ජනවාරි, 2020

    කලණ වැට ස්වකීය නිර්වාණාවබෝධය සඳහා අප ආරාමය හා යාවජීව ව සම්බන්ධ වී කටයුතු කරන උපාසක උපාසිකාවන් ට සඟ රැකවරණය ලබා දීම සඳහා ආරම්භ කරන ලද විශේෂිත වැඩසටහනයි...

 

ඔබගේ අදහස් අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට උපකාරී වේ. මෙම පිටුව සඳහා ඔබගේ

අදහස් සහ යෝජනා යොමු කරන්න