JETHAVANARAMAVIHARAYA

නිවේදන

සැදැහැත්තෝ පින් සිතින් පේ වෙත්වා !

23 නොවැම්බර්, 2020

තෙරුවන් සරණයි!

2020 වර්ෂයේ කඨින පිංකම නොවැම්බර් මස 29 වන ඉරු දින පැවැත්වීමට ඔබ සියලු දෙනා වෙනුවෙන් පුණ්‍යභාරය විසින් සිදු කළ ඉල්ලීම අප ආරාමවාසී භික්ෂූන් වහන්සේලා අනුමත කර ඇති බව අපි ඉතාමත් සතුටින් ඔබ දැනුවත් කිරීමට කැමැත්තෙමු.

ඒ අනුව මෙම පුණ්‍යකර්මය මෙමස 28 වන සෙනසුරාදා දින සවස සර්ව රාත්‍රික පරිත්‍රාණ සද්ධර්ම දේශනාවක් සමඟින් ආරම්භ කර, පසු දින උදෑසන මහා සංඝරත්නය විෂයෙහි වස් සාඨිකය පූජා කර, ඉන් අනතුරුව දහවල කඨින චීවරය පූජා කිරීමට අපි බලාපොරොත්තු වෙමු. ඉන් අනතුරුව එළඹෙන සවස් යාමයේ අප කෙරෙහි අනුකම්පාවෙන් ගුරු හාමුදුරුවන් වහන්සේගේ සද්ධර්ම දේශනාවක් ද අපි බලාපොරොත්තු වෙමු. මෙම වැඩසටහන් පෙළගැස්ම අන්තර්ජාලය හරහා සජීවීව ඔබ වෙත ගෙන ඒමට කටයුතු සූදානම් වෙමින් පවතී.

වැඩසටහන සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු එළඹෙන දින කිහිපය තුළ ඔබව දැනුවත් කරන්නට බලාපොරොත්තු වන අතර මෙම පිංකමට සම්බන්ධ වන්නට කැමැති පිරස් කරුණාවෙන් +94 77 333 6274 දුරකථනය අංකය අමතා තොරතුරු ලබාගත හැක.

මෙම පුණ්‍ය කටයුත්තට සාදුකාරයකින් හෝ එකතු වන ඔබ සියලු දෙනා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!

මීට,
ධර්මයයි ඔබයි පුණ්‍යභාරය.


වෙනත් නිවේදන...

 

ඔබගේ අදහස් අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට උපකාරී වේ. මෙම පිටුව සඳහා ඔබගේ

අදහස් සහ යෝජනා යොමු කරන්න