1 ජූනි, 2019
පෙනෙන ඇසෙන සහ දැනෙන සියල්ලම
මැනෙන තරම් සම්මතයෙ ඉදන්…පෙනෙන ඇසෙන සහ දැනෙන සියල්ලම
ඇත ලෙස ගෙන දුක් විදින තරම්….පෙනෙන ඇසෙන සහ දැනෙන සියල්ලම
නැත, මම කර කැටයමකි අරන්….පෙනෙන ඇසෙන සහ දැනෙන සියල්ලෙහි
සැගවුන උගුලෙහි වැටුනු තරම්….මන මවනා කැටයම් නැත කිසිදින
සසරෙහි සත්වයා දුවවන්නේ..මන මවනා කැටයම් සත්‍යකි ගත්
අදුරයි කෙලවර සගවන්නේ…මන මවනා සැම සංකල්පිතයකි
දහම් නෙතින් නිසි දැකගන්නේ…මන මවනා සැම කමටහනක් කර
මර උගුලට නැහැ නතු වන්නේ…
මන දම්ම හරහා මනෝ මූලිකව පටිච්චසමුප්පන්නව බාහිරවත් අභ්‍යන්තරවත් ලෙස තැනක් පැනවිය නොහැකි පංචස්කන්ද ලෝකය හරහා උදාවන සංකල්පිතයේ සත්‍ය දැක එම සංකල්පිත මනෝ ආවර්ජනය ඇසුරෙන් උදාවන දිට්ට සුත මුත විඤ්ඤාත යන දැනීමෙහි යථාර්තය කොහේටවත් අයිති නැති කොහේ සිටවත් නොපැමුන ස්පර්ෂ මාත්‍රයට උදාවූ සංඛත වූ ඒකාන්තයෙන්ම ඛය වී වැය වී විපරිනාමය වන්නක්ම බවත් එය මම වශයෙන් හෝ මගේ වශයෙන් හෝ මට උදාවන්නක් වශයෙන් හෝ ගැනීමට නුසුදුසු නොවටිනා බව නිරන්තයෙන් දකින්නට අප සැමට ප්‍රඥාව බලවත් වේවා!!!!