ශ්‍රී ගෞතම සම්බුද්ධ ශාසනය නැවත වතාවක් මේ මිහි මඩල මත බබලන යුගයක් ආරම්භ වන බවට සේයා පහළ වන යුගයක ඒ සඳහා උරුමකම් කියන පිංවත් දරු පැටවුන් කෙමෙන් කෙමෙන් මේ ලෝකයට පහළ වෙමින් පවතින බව යම් යම් සාක්ෂි සාධක මත ඉතා හොඳින්ම පැහැදිලිය. එම පිංවත් දරු පැටවුන් බොහෝ දෙනෙක් මේ ලෝකයට පහළ වීමේ හැකියාව ඇත්තේ ශාසන මාමක දෙමව්පියන්ට දාවය. එබැවින් මේ වන විට ඔබේ ආදරය කරුණාව මැද හැදී වැඩෙන්නේ අනාගතයේ මේ සසුන් කෙත බබුලුවන, උතුම් වූ අරිහත් ඵලය සාක්ෂාත් කරමින් තම සසර ගමන නිමා කිරීම සඳහාම මෙලොව එලිය දුටු උත්තමයෙක් උත්තමාවියක් විය හැකියි. ඒ පිංවත් ජීවිත නිවැරදි කළණ මිතුරු ඇසුරක් ලැඛෙන තුරාවට අසත්පුරුෂ සමාජය අතින් විනාශ වන්නට ඉඩ නොදී රැක ගැනීමේ හැකියාව ඇත්තේ දෙමව්පියන් වන ඔබටයි. ඒ සඳහා එම දරු පැටවුන් කුඩා කළ සිටම පූණ්‍ය පරිසරයක හැදී වැඩීම ඉතා වැදගත් වේ.
ඒ දරුවන් සහජයෙන් ගෙනආ දක්ෂතාවයන් ශාසනික අභිවෘදිය වෙනුවෙන් යොදවන්නට හුරු කරවීම එම පුණ්‍ය පරිසරය සැකසීම සඳහා දැවැන්ත මෙහෙයක් ඉටු කරණු ඇත. තමන්ගේ දක්ෂතාවයන් තමන් විසින්ම අවභාවිතා කරන යුගයක එම දක්ෂතා ප්‍රයෝජනයට ගනිමින් සියලු ලෝක සියලු සත්වයන්ගේ සැපත සැනසුම උදෙසා යමක් සිදු කිරීම කෙතරම් වටිනා කරතව්‍යක්ද? එබැවින් තම දරු පැටවුන් තුළ සැඟවී ඇති නිර්මාණාත්මක කුසලතාවයන් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ඔවුන්ගේ යුතුකම ඉටු කිරීමට ඔවුන්ව යොමු කිරීම දෙමව්පියන්ගේ යුතුකමයි. තම දරුවා දැන් දැන්ම ශාසනයේ කොටස්කරුවෙකු බවට පත් කරන්නට සිහින දකින දෙමව්පියන්ට ඒ උදෙසා රුකුලක් වනුවස්, මේ ළමා පිටුව ඔබගේ පුංචි දරු පැටවා වෙනුවෙන්ම අපි ඉදිරිපත් කරන්නෙමු.
ඔබේ දරුවන්ගේ දක්ෂතා මෙම ළමා පිටුවේ පළ කිරීම සඳහා කරුණාකර ඔබේ දරුවන්ගේ චිත්‍ර සටහන් info@jethavanaramaviharaya.org වෙත ඉදිරිපත් කරන්න.
ඔබගේ අදහස් අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට උපකාරී වේ. මෙම පිටුව සඳහා ඔබගේ